රාගම වැලිසර රෝහල වෙත රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදි.
Description
එම අවස්ථාවට රෝහලේ අධ්‍යක්ෂතුමා, නියොජ්‍ය අධ්‍යක්ෂතුමා, මාණ්ඩලික ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරී තුමිය සහ ප්‍රධාන පරිපාලන නිලධාරී තුමිය ඇතුළු පිරිස සහභාගී වූහ.
ස්වසන රෝග පිළිබද ජාතික රෝහල.රාගම (වැලිසර)තුළ අළුතින් ස්ථාපනය කරන ලද කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් වූ වාට්ටුව සදහා එම රෝහලේ ඉල්ලීම මත සමස්ත ලංකා ගුරු උපදේශක වෘත්තීය සංගමයේ ගරු ලේකම් තුමා ඇතුළු ගුරු උපදේශක වරුන්ගේ දායකත්වයෙන් අද දින රූපවාහිනී යන්ත්‍රයක් එම රෝහල වෙත පරිත්‍යාග කරන ලදි.
එම අවස්ථාවට රෝහලේ අධ්‍යක්ෂ(එම් තවුෆික් මහතා) නියොජ්‍ය අධ්‍යක්ෂ(ඩී.එල්.වනිගරත්න මහතා) මාණ්ඩලික ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරී (එම්.එස්.එම්.පී.වික්‍රමසූරිය මහත්මිය) සහ ප්‍රධාන පරිපාලන නිලධාරී (පුෂ්පමාලී මහත්මිය) ඇතුළු පිරිස සහභාගී වූහ.
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සමාජ විද්‍යා ගුරු උපදේශක ඉන්දික පෙරේරා මහතා විසින් සමස්ත ලංකා ගුරු උපදේශක වෘත්තීය සංගමය වෙනුවෙන් වැලිසර ළය රෝහලේදී අද දින(2020/10/26) එම රූපවාහිනී යන්ත්‍රය භාරදීම සිදු කරන ලද අවස්ථාව.